බ්ලොග් ළොව දිග් විජය කළ බ්ලොග් එකක් තමයි "හිස් අහස". ලිව්වේ "සඳරු". සඳරු කියන්නේ මහ පොළොවෙ ජීවත් වෙන කොල්ලෙක්. ඌ ගාව බොරු නෑ. සෙම නෑ සෙවල නෑ. ඒ වගේම ඉරිසියාව, කුහක කම නෑ. උගේ ලිවිල්ල පට්ට අමුයි. ඒ නිසා කෙලින්ම වදින්නේ බොක්කට. ගොඩක් හාල් පාරුවොන්ට උන් ගැන කියන්න දෙයක් නෑ. උන් කතා කරන්නේ ටැබූ ගැන එහෙම නැත්නම් සඳරු ගැන.
ඌ වගේම බොක්කට වදින්න ලියන්න පුළුවන් එකෙක්ගේ බ්ලොග් අඩවියක් තමයි "සඳුමල්". පුදුමේ කියන්නේ, මූත් සඳරු කෙනෙක්. මූ සඳරුවන්. මනෝෂ් සඳරුවන්. ඇත්තටම ඌ බ්ලොග් වලට හොඳ වැඩියි. උගේ ලිවිල්ල ඒ තරම් ඉසතරන්. මම මූව මුල ඉඳලම කියෙව්වා. ඒත් මූ කලින් ලිව්වේ අනුන්ගේ මළදාන. ඉඳලා හිටලා මුගෙ දෙයක් ලිව්වා. ඒ ගැන ලියන්න හිතන කොට මූ ආයෙත් අර පරණ වැඩේම කලා.
ඔය අතරේ පත්තරේඉ මට කතා කරලා කිව්වා. අයියේ මූට පොඩි ප්‍රචාරයක් දෙනවද කියලා. මම ඌට කිව්වේ. උගෙම දෙයක් ලියන්නය. එතකොට අපි ඌට බැක් කරන්න ඕන නැතෙයි කියන දේ. දැන් ඌ ලියන්නේ උගෙම දේවල්. පට්ට කියන්නේ වල්ල පට්ටෙත් හොඳම එක.
ඔහෙලා කියවලා තියෙනවද සියැටල් වල රතු ඉන්දියන් කාරයගේ ලියුම. ආන් ඊට දෙවනි නොවන ළිපියක් ඌ ලියලා තියෙනවා. කියන්නේ බොරුවක් මුසාවක් නම්, ගිහින් කියවලා ඇත්ත නැත්ත ඔහේලම බලාගන්න. පිවිසෙන්න මෙතනින්..
සඳුමල් - මනෝෂ් සඳරුවන්