ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. මොටෝ ක්‍රොස් පදින ආකාරයට රාළහාමිලාගේ ඔලුවට උඩින් බයිසිකලය පන්නන්නත් බැහැ. රාලහාමිලාට තිබුනා අහකට පැනලා බයිසිකලයේ ටයර් වලට වෙඩි තියන්න. බයිසිකල් කාරයාගේ කකුලකට වෙඩි තියන්න, උරහිසකට වෙඩි තියන්න, එහෙම නොකළේ ඇයි?
ඉතිරිය මෙතනින් කියවන්න...