Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ප්‍රබාකරන් දකුණේ යලි උපදී !

$
0
0

යුද්දයෙන් මියගිය ප්‍රබාකරන් දකුණේ ගමක දැරියක් වී උපත ලැබුවේය.. දෙමාපියෝ ඇයට ප්‍රබාෂිණී කියා නම තැබූහ.. ප්‍රබාෂිණී ක්‍රමයෙන් ඉගෙනීමෙහි දක්ෂ අතිශය රූමත් යුවතියක් වූවාය... ගාල්ලේ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකට ඇතුලු වූවාය... රතුපාට ටයි පටිය පැළඳගෙන ප්‍රබාෂිණී එනතුරු උසස් පෙළ ටියුෂන් කඩවල වැටවල් අයිනේ, පාලම් ගැට්ටවල් උඩ, මග බල බලා සිටින කොලු නඩේ දිනෙන් දිනම වැඩිවිය... ප්‍රබාෂිණී ඉහළින්ම උසස් පෙළ සමත් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුලු වූවාය.. ඇයගේ පළමු සේවාස්ථානය වූයේ වැල්වෙටිතුරේ මූලික රෝහලයි...

යුද්දයෙන් මියගිය අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙකු වන "නීරෝ"හෙවත් රංජිත් ප්‍රේමසිරි යාපනයේ දරුවෙකු වී උපත ලැබුවේය.. දෙමාපියෝ ඔහුට "රත්නම් ප්‍රේමචන්ද්‍රන්"කියා නම තැබූහ.. රත්නම් ක්‍රමයෙන් ඉගෙනීමේ දක්ෂ අතිශය කඩවසම් තරුණයෙකු වූවේය... යාපනයේ උසස් පිරිමි විද්‍යාලයකට ඇතුලු වූවේය.. යාපනේ ටියුෂන් කඩවල රත්නම් සිය සාඩම්බරකාර පෙම්වතා කර ගනු රිසිව කෝළ බැලුම් හෙලූ යුවතියෝ ගණන දිනෙන් දින වැඩි විය.. රත්නම් ඉහළින්ම උසස් පෙළ සමත්ව ඉංජිනේරු පිඨයට ඇතුලු වූවේය... ඔහුගේ මුල්ම සේවාස්ථානය වූයේ වැල්වෙටිතුරෙයි තාප බලාගාරයයි...

එරික් සෝල්හයිම් කම් වූ පරිද්දෙන් මිය පරලොව යද්දී චුති චිත්තයෙහි ශ්‍රී ලංකාව පිහිටි හෙයින් මහරගම ප්‍රදේශයේ දරුවෙකු වී උපත ලැබුවේය... දෙමාපියෝ ඔහුට "එරන්ද සෝමසිරි"කියා නම තැබූහ... අධ්‍යාපනයෙන් එතරම් දස්කම් නොපෑ එරන්ද, පසු කළෙක කොළඹ ගලධාරි හෝටලයේ වේටර් වරයෙකු ලෙස සේවයට එක්විය..

ප්‍රබාෂිණීගේ කාර් එක කැඩී ඇය දිනක් මග තනි වූවාය.. ජීප් රියකින් එතැනින් ගිය රත්නම්, ඉදිරිපස ඉහළ කණ්නාඩියෙන් පසුවූ කාරයේ බොනට්ටුව ඇරගෙන, ඇඟිලි තුඩු විකමින් සිටි ප්‍රබාෂිණී දැක නතර වූවේය.. ජීප් රිය පස්සට ගෙන නවත්තා බැස ඇය අසළට ගියාය.. " Need Any Help..?"

රත්නම්ගේ සහ ප්‍රබාෂිණීගේ විවාහය දෙපැත්තේම නෑයින් ඉදිරියේ මහ ඉහළින් ගලධාරි හෝටලයේදී සැමරිණි... මනාළ යුවල සැටියේ අසුන්ගෙන සිටිද්දී එරන්ද වයින් වීදුරු දෙකක් රැගෙන විත් ඔවුන් අසළ තැබුවේය... දෙදෙනම එකවර ඔහුට "Thanks You"කීහ..

( Franz Kafka සහ සංසාරය එකට ගැට ගසන්නට දැරූ වෑයමකි.. )

- Damith Kethaka -


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles