මගේ සහෘදයෙක් වන "දයානන්ද රත්නායක" බුකියේ දාලා තිබුන ලින්ක් එකක් ඔස්සේ අද මට ඉතා රසවත් බ්ලොග් අඩවියක් හම්බ උනා. ඒකේ නම "යසනාත් සිතුවිලි"..... ඔව් ඔබ හරි... ඒ යසනාත් ධම්මික බන්ඩාරයන්ගේ බ්ලොග් අඩවිය.. "යසනාත් ධම්මික බන්ඩාර" කියන්නේ ප්‍රවීන ගීත රචකයෙක්. ඒ වගේම ඔහු වෛද්‍යවරයෙක්.... ළිපියේ ප්රස්තුතය "සඳ කිඳුරු ජාතකය". ළිපිය බොහොම දිගයි. පෝස්ට් දෙකක්ම තියෙනවා. ඒ උනාට ඒක දැනෙන්නෙ නෑ.. මොකෝ ළිපිය ඒ තරම් රහයි...
උපුටාගැන්ම....
බාචි සුසාන්ගයන එක් ගීතයක පද පෙළ අපූරුය. එහෙත් පද පෙළෙහි ඇති අපූර්වත්වය ගීතය තුළ රැකුණිද යන්න ගැටළු සහගතය.
ස්වේත මීදුම් එලා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත ඉර්තුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි….
රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
දුක් කරදර අගහිඟ පෙර දොරින් ගෙට එනවිට ආදරය පෑල දොරින් පළා යන්නේ යැයි පසිදු කියමනක් ඇත. මෙය එසේ වේදැයි කෙනෙක් යම් පෙම්වතියක යොදා ගනිමින් ප්‍රශ්න කිරීමකට ලක් කෙරෙන ගීයක් ලෙස මට සිතේ. එහෙත් මේ සදහා යොදා ගන්නේ අන් පෙම්වතියක නොවේ. ප්‍රේමයේ අමරණීය චරිතයක් සේ සැලකෙන සඳ කිඳුරුවේසඳ කිඳුරියයි. මේ ගිරි දුර්ඝ මාවතේ ගමනින් හෙම්බත් වේද? ආදරය රැකේද යන්නය එහි ඇත්තේ.
මේ ගිතය සඳහා සංගීතය මුසුකර ඇති අයුරුත් බාචිසුසාන්විසින් ගයන අයුරුත් පද රචනාවේ අරුතත් අතරේ විශාල පරතරයක් තිබෙනනවා. කෙසේ වෙතත් වෙන් වෙන්ව ගත් විට මේ ගීතයෙහි රචනයෙහිද සංගීතයෙහිද බාචි සුසාන්ගේ ගායනයේද සුවිශේෂතා දැකිය හැකි වෙනවා. එහෙත් එම අංග තුනෙහි ඒකාත්මික බවක් නොමැති වීම නිසා සඳ කිඳුරුවවැනි පුරාණෝක්තියක් අනුසාරයෙන් රචනාවුණු ගීතයක ඇත්ත හැඟීම මතු නොවන්නට හේතු වී ඇත.
උපුටාගැන්ම අවසන්....
මෙතනින් ගොස් ඒ රස විඳින්න....