දුරකතනයකින් මම ඔබ අමතමි
Messenger නොමැති නිසා
මගේ හිත හඳුනන ඔබ පිලිගත්තද
රජයෙන් කියන කතා
රම්පෙට පොරි මෙන් ගෝවට අල මෙන්
අප බැදිලා උන්නේ
ජපානයට යන සිරා පොරක් මෙනි
ඔබ ඇදිලා යන්නේ
මට තව මතකයි බුකියට ඇවිදින්
චැටකට සෙට් වූවා
යන හැන නිරතුරු ඩේටා දාගෙන
අපි චැට් වල උන්නා
මැසෙන්ජ තහනම් බුකියත් තහනම්
කොහොමෙයි සෙට් වෙන්නේ
VPNඇති බඩුවක් හොයමින්
මම දැන් බුකි එන්නේ..