යාපනයේදි සිරිසේන ගොයියා ලද ප්‍රතිචාරයට මාතලන් ඉතා මනාපය. කුණු බිත්තර පාරක් හෝ වැඳුනා නම් ඊටත් වඩා සතුටුය. බොහෝ විට මේවා කලින් සැලසුම් කළ රංගණයක් වීමට ඇති සම්භාවිතවයද 99% ක පමණ පවති. ඩ්‍රාමාවක් වුවද සිවාගෙන් එන්නේ උතුරේ ජනතාවගේ හඬය. දකුණේ ත්‍රස්තවාදීන් ලෙස නම් කළ උන් සැමරිය හැකි වුවද උතුරේ ත්‍රස්තවාදීන් සැමරීම සපුරා තහනම්ය. යහපාලනයක් තුලද තත්වයේ වෙනසක් ඇත්තේ නැතිය. හැරෙන පැත්තෙට හෝයියා කියනා නායකයා දකුණේ උන්ට ගහන්නේ උතුරේ උන්ට ගහන බයිලා නොවේය. උතුරේ උන්ට සංහිදියා බයිලා ගයනා උන්නැහේ, දකුණේ ඉන්නේ රණවිරුවා රකින්නටය. එහේ සංහිදියා පෙරිය ටෝක් දී් එන ලොක්කා මෙහේ දෙන්නේ අමු ස්වෝත්තමවාදි බවු බවු මික අන්ඩ වාත ටෝක්ස්ය.
දෙපැත්තම රවට්ටන්න මෙලෝ රහක් නැති ව්‍යවස්ථාවක් ගෙනවිත් අම්මමෝ නැතිව නාන්නේය. බොහෝ විට මෙයින් ඉල්ලාගෙන කෑමට ඇති සම්භාවිතාවයද ඉතා ඉහළ අගයක පවති. මේවා හරියට, බඩ බුරුලට යන එකාට ඇත්තෝර මැල්ලුම දෙනවා වාගේ විසඳුම්ය.
ව්‍යවස්තාවලින් රටවල් හදන්න බැරිය. සංහිදියා ඇති කරන්නත් බැරිය. මිලියන 20 ක් ජීවත් වන අබ ඇටේකට බලය විමද්‍යගත කිරීමක් ඕනාත් නැතිය. අවශ්‍ය වන්නේ පරිපාලනය විමද්‍යගත කිරීමය. මේ සියල්ල දේස්පාලනයෙන් ජීවත් වනා උන්ගේ අමු බොරුය. පළාත් සභා තිබුනේ නෑ කියා මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි කමක් තිබ්බේ නැතිය. ඒවා දැම්මා කියා ඒ ඒ පළාත්වලට උන්ට ලැබුනා වූ ලබ්බකුත් නැතිය. ලැබුන එකම දේ පාතාලේ උනට VIP ඉස්ටේටස් එකක් ලැබීම පමණමය.
කළ යුත්තේ රට ආර්ථුක වශයෙන් ගොඩ ගැනීම පමණි. රට කියන්නේ ආන්ඩුවේ ඉන්නා පාලකයන් නොවේය. රටේ අති බහුතරය අමු හින්නගන්නෝය. අදටත් රටේ ප්‍රධාන ආධායම වහල් වෙළඳාමය. වහළුන් විකුණාගෙන කන, උන් එවනා දේ හොරා කන උන්ට හෙන හතම ගහන්නට ඕනාය.
රටේ තවත් ලේ විලක් බිහි වීමට පෙර.
බයිලා, නාඩගම් විගඩම් නවත්වා, දැන්වත් මේ රට ගොඩ දාපියව්..
බයිලා, නාඩගම් විගඩම් නවත්වා, දැන්වත් මේ රට ගොඩ දාපියව්..