Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

රවීගේ දියණියගේ ගීතය...

$
0
0



දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
බිසිනොස් වැඩ මෙගා ඩීල් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න
පෙන්තාවුස් ගත්තා මම වන්දි ගෙවන්න

ලෙඩක් දුකක් හැන්දුනාමත් පාරට දමනා
එවුන් වගේ නෙමෙයි අප්පෙ මේ සුදු දෝනා
බැඳුම්කරේ කතා කියා මඩේ නාවනා
ඔබ විතරක් ඇයි තාත්තේ කෝ අනිත් ගොනා 

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න.....

කොමිසොන් ගෙනවිත් අප්පට තගරි දාන දා
අපිත් නාකි වෙලා තියෙයි එය අහවර දා
ඔක්කෝම ටික එකතු වෙලා හොරා කාපු දා
අපි විතරක් මොකටද මේ නින්දා වින්දා

දන ගාද්දි ඇවිදින්නට මට අත දුන්න....



Viewing all articles
Browse latest Browse all 206

Trending Articles