Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

මනමේ කුමරුන් ගල් ලෙන බිඳීම

$
0
0

වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි..

මහින්ද මහත්තයා හෙන ආසයිලු ගල් ලෙන ඕපන් ලෙන් දොර ඕපන් සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා.

අරු හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා.

පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය බලන ගමන්, විමලයා ඇහුවලු ජැකාගෙන් කනට කරලා, කෝ බං ගල් ලෙන බිඳලා කියලා. ජැකා විමලයට කිව්වලු මේකේ කොහේද බං ගල් ලෙනක්, ඒක තියෙන්නේ සිංහභාහූ එකේ කියලා.

ඒක හරියන්නේ නෑ ලොක්කා ඉල්ලන්නේ ගල් ලෙන බං කිව්වාම, ජැකා කිවලු පොඩ්ඩක් හිටහන් කලබල නොවී, මම මක්කා හරි කොරන්නම් කියලා.

ඒ එක්කම වගේ, මනමේ එකේ කයි අහලා එපා වෙලා උන්න ලොක්කා ජැකාගෙන් ඇහුවලු, කෝ බං ගල් ලෙන ඕපන් කියලා..

හරි සර් ඒක ඉන්ටවල් එකෙන් පස්සෙ තමයි තියෙන්නේ කියලා ජනාධිපති තුමාට බෝලයක් බස්සපු ජැකායි විමලෙයි, ඉන්ටවල් එකේ ඉස්ටේජ් එක පිටිපස්ස්ට ගිහින් විජය නන්දසිරිට වැඳලා කිව්වලු, අනේ බං ගල් ලෙන ගහපන් නැත්නම් අපි ඔක්කොම ඉවරයි කියලා.

විජේ ඇහුවලු කෝ බං ඒකට කිට් එක නෑ නේ කිව්වාම. ජැකා කරේ ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ කිට් එක ගලවලා විජේට ඇන්දුවලු.

ඕන් ඉන්ටවල් එක ඉවර උන ගමන් විජේ ඇවිහ් ගල් ලෙන ගැහුවලු.. ඒකෙන් මුසපත් වෙච්චි ලොක්කා විජේ එක්ක ආයේ පාරක් ගල් ලෙන ගහලා අරුන්ට කිව්වලු ද්ං ඇති බං. මට හරක් එක්ක මීටිමක් තියෙනවා. උඹලත් මක්කා හරි කාලා බීලා පලයල්ලා කියලා.

ජැකා විමලයට කිව්වලු, බුදු හාන්දුරුවන්ගේ ඥාති කියලා ලොක්කා අන්දපු මට මනමේට කියලා ගල් ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්ය කියලා...

 - Maathalan -

Viewing all articles
Browse latest Browse all 206