Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

පෝලිම කඩන් සිරි පැරකුම් ඇවිත්...

$
0
0

පෝලිම කඩන් 
කඩු අත අරන් 
තර්ජන කරන් 
පැරකුම් ඇවිත්...! 

නිෂ්පාදකයෝ 
පුදුමෙන් බලත් 
පෝලිම කඩා 
පැරකුම් ගෙනත්...! 

පොහොසත් රෙජීමය 
පොහොසත් කරත් 
පැරකුම් ඇවිත් 
පෝලිම් කඩත්...! 

අවුලන බලේ 
හෙළ බොදු බලේ 
සිනමා හලේ 
හෙළුවෙන් හැලේ...! 

කඩේ ගිය බලේ 
කලාවට බැලේ 
නීතිය උලේ 
රට යයි කැලේ...! 

නඩු නැති රටේ 
යුක්තිය වැටේ 
පුස්සන් වටේ 
නැට්ටන් නැටේ...!

 දයා නෙත්තසිංහ

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles