අපේ රටේ වටිනා දේවල් බොහොම අල්පයයි තියෙන්නේ. එයින් එකක් තමයි ඉන්දියාවේ ආයුර්වේදයත් එක්ක මුසු උන දේශීය වෙදකම. ඒකෙත් පාරම්පරික වෙදකම් වලින් විස්මිත් දෑ කරන වෙද මහත්වරුන් ගැන තිබෙන දැණීම බොහොම අල්පයි. අපේ ජේෂ්ඨ මාධ්‍යවෙදියෙක් වෙන සමකය වටේ යන නලීන්, තරමක් ප්‍රසිද්ධ එහෙත් බොහෝ දෙනෙක් නොදන්න ඉසිවරයෙක් ගැන අපූරු ළිපියක් ලියා තිබෙනවා. ඔබ හෝ ඔබේ දෙමව්පියන් හෝ ඥාතීන්ගේ ඉතා අමාරු රෝග සනීප කරන එක මේ වෙද මහත්තයට සුළු දෙයක්. මමත් එය අත්දැකීමෙන්ම දන්නවා.
// ඔන්න පහුවෙනිදා උදේම අපි ගියා වෙදමහත්තයා ගාවට... මගේ වාරේ ආවා.. මාත් නොදන්න එකා සේ ගිහින් අත දීගන ඉන්නවා.. මිනිත්තු දෙකක් විතර අත අල්ලගන ඉඳලා අහනවා ළගදී ලේවල සිනි බැලුවද කියලා.. මං කිවුවා ඔව් කියලා.. මෙන්න වෙදමහත්තයා කියපි සීනි මෙච්චරයි නේද තියෙන්නේ කියලා..ඔහු ඇහුවේ අර වාර්ථාවේ තිබු සීනි ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන්...
ඉන් පස්සේ මගේ රෝගී තත්ත්වයන් සියල්ල බලාසිටියා සේ ඔහු කියාගන ගියා...අවසානයේ කිව්වා බිය වෙන්න දෙයක් නෑ මේ දෙන බේත් ටික හරියට මාසයක් බීල ආයිත් වර්ථා අරගන බලන්න ඔබට ආයිත් මෙහේ එන්න ඕන වෙන එකක් නෑ කියලා..//
මේ වෙද මහතා ගැන සියළු විස්තර මේ ළිපිය මගින් දැනගන්න පුළුවන්.. ළිපිය මෙතනින් බලන්න..