සමහර පවුල් වල උදවියට එකම ටැලන්ට් එක පිහිටනවා.. ඒක බොහෝම අපූරූ දෙයක් හැටියට තමයි මට නම් පේන්නේ.. එහම පවුලක් තමයි අපේ ඔය මල්කාන්ති නන්දසිරි, නිර්මලා රනතුංග, නිරංජලා සරෝජිනි, මනෝජ් පීරිස්ලගේ පවුල, තවත් නංගියෙක් ඉන්නවා නම මතක නෑ.. මුළු පවුලම සංගීත කාරයෝ..
ඒ වගේ බොග දාන පවුලක් ඉන්නවා. ඒ තමයි අපේ හසරැල්ගේ පවුල. හසරැල් ඇරුණම එයාගේ අක්කා "කළු සහ සුදු"කියලා බොගක් දානවා. දැන් ඒ පවුලේ තව එකෙක් අළුතෙන් බොගක් දාන්න පටන් අරගෙන. නම, "හරියටම වැරදි"..... පොර ලියන්න යන්නේ ජීවිත කතාවද කොහොදෝ..
මට නම් ඒක බොහොම රහයි.. ඔහේලත් මේන් මෙතනින් ගොඩවෙලා බලන්නකෝ...