Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.
ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Weekනමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කරලා. මෑතක දී එක්කාසු වුනු Google Translate Community එක සමඟ එකතු වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමටයි Google බලාපොරොත්තු වන්නේ. එ මඟින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති.
Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායක වීමට ඔබත් කැමති නම්, මේ අවස්ථාව ඔබටයි. ඒ සඳහාමෙතැනින් Google Translator Communityවෙත පිවිසිලා අන්තර්ජාලය භාවිත කරන මිලියන ගණනක් සිංහල භාවිතකරන්නන්ගේ සේවය වෙනුවෙන් ඔබටත් දායකවන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තෑගි දිනාගන්නත් අවස්ථාව තියෙනවා. මේ ගැන වැඩි විස්තර එළඹෙන සතියේ Tech Guru වැඩසටහන තුලින් ඔබට දැකගන්නට පුළුවන්
Best regards,
http://techguru.lk/2014/09/01/
Waruna Mullakandage